.webp)
ඒ අදාල මාරුවීම් ලබාදී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන බව පෙන්වා දෙමිනි.
ජාතික පොලිස් කොමිසම් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය මත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 07 දෙනෙකුට අදාල මාරුවීම් නිවේදනය නිකුත් කර ඇත්තේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ය.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස්. පතිනායක මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබේ.
ඔහු මීට පෙර සේවය කළේ පොලිස් මුලස්ථානයේ ය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එල්. ඒ. එස්. ප්‍රියන්ත වීරසුරිය මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.
අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්. කේ. ඩබ්ලිව්. කේ. සිල්වා මහතා වෛද්‍ය සේවා සුභ සාධක හා ක්ෂේත්‍ර බලකා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී. මැදවත්ත මහතා පත්කර ඇත්තේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ය.
ඔහු මීට පෙර සහයක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සහ වයඹ පළාත භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය.
දකුණු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර තිබේ.
නැගෙනහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කේ. ජයලත් මහතා ස්ථාන මාරු කර ඇත්තේ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසය.
වෛද්‍ය සේවා සුභ සාධක හා ක්ෂේත්‍ර බලකා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර්.එල්. කොඩිතුවක්කු මහතා සහයක සේවා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.
තමන් මාරු කිරීමට ගෙන ඇති තීන්දුව ඉතා ද්වේෂ සහගත එකක් බැවින් මෙම මාරුවීම නිර්දේශ නොකරන ලෙස ඉල්ලමින් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ජාතික පොලිස් කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.
එම ලිපියේ දැක්වෙන්නේ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ආරක්ෂා කිරීම සඳහා මේ ආකාරයට කටයුතු කරන බවය.
එමනිසා මෙම අනීතික මාරුවීම පිළිනොගන්නා ලෙස අජිත් රෝහණ මහතා සිය ලිපිය මගින් පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබේ.
මේ අතර ස්ථාන මාරු කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීමේ බලයක් නැතැයි අජිත් රෝහණ මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාට ද ලිපියක් මගින් දැනුම් දී තිබේ.
ඒ අනුව එම නියෝගය පිළිපැදීමට තමන් බැඳී නොමැති බව ඔහුගේ ලිපියේ සදහන් වේ.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
ඒ, තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන ලෙස ස්ථාන මාරු කිරීමට ගත් තීරණය අසාධාරණ හා හේතුවක් දක්වා නොමැති එකක් බවත්, ඊට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ඉල්ලමිනි.
හේතුවක් නොදක්වා ස්ථාන මාරු කිරීමෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රතිරූපය සහ එම නිලයේ ගරුත්වය අවතක්සේරු කරන අතර අහිතකර ලෙස එය බලපානු ඇති බැවින් ඒ පිළිබඳ ජාතික පොලිස් කොමිසමේ අවධානයට යොමු කරන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තම ලිපියෙන් පෙන්වාදෙයි.