පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මරුට

මුලතිව්, වව්නික්කුලම් වැවේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මරුට

by Staff writer 26-04-2023 | 3:49 PM

 

COLOMBO (News 1st) - මුලතිව්, වව්නික්කුලම් වැවේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී තිබේ.
පොලීසිය සඳහන් කළේ අවරුදු 17 සහ 35 යන වයස්වල පසුවන දෙදෙනෙකු එලෙස මිය ගොස් ඇති බවයි.

ඔවුන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඥාතී නිවසක පැවති අවමංගල්‍ය උත්සවයකට පැමිණි අවස්ථාවේදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇතැයි පොලීසිය පැවසීය.