ලබන මාසය අවසානයට පෙර සියලු පෙළ පොත් ලබාදෙනවා

පාසල්වලට ලබන මාසය අවසානයට පෙර සියලු පෙළ පොත් ලබාදෙනවා - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

by Staff writer 26-04-2023 | 6:41 AM

COLOMBO (News 1st) - දැනට හිඟව පවතින සියලු පෙළ පොත් ලබන මාසය අවසානයට පෙර පාසල්වලට ලබාදීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට මුද්‍රණය අවසන් කළ පෙළ පොත් පාසල්වලට බෙදා හරිමින් ඇති බවය.

බස්නාහිර පළාතේ පාසල් සඳහා දෙපාර්තමේන්තුව හරහා සෘජුවම පොත් බෙදා හරිනු ඇති.

පාසල් සිසුන්ගේ විෂයන්ට අදාළ විවිධ ශ්‍රේණිවල හිඟව පවතින වැඩපොත් ද එලෙස බෙදා හරින පොත් අතරට ඇතුළත් ය.

මෙවර පෙළ පොත් මිලියන 33 ක් මුද්‍රණය කර ඇති අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 16000 කි.