.webp)
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට මුද්‍රණය අවසන් කළ පෙළ පොත් පාසල්වලට බෙදා හරිමින් ඇති බවය.
බස්නාහිර පළාතේ පාසල් සඳහා දෙපාර්තමේන්තුව හරහා සෘජුවම පොත් බෙදා හරිනු ඇති.
පාසල් සිසුන්ගේ විෂයන්ට අදාළ විවිධ ශ්‍රේණිවල හිඟව පවතින වැඩපොත් ද එලෙස බෙදා හරින පොත් අතරට ඇතුළත් ය.
මෙවර පෙළ පොත් මිලියන 33 ක් මුද්‍රණය කර ඇති අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 16000 කි.