නීතිඥ සංගමයෙන් දැනුම් දීමක්

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙහි ඇතැම් විධිවිධාන ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට පටහැනියි - ශ්‍රී ලංකා නීතිඥ සංගමය

by Staff writer 26-04-2023 | 9:39 PM

COLOMBO (News1st) - ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙහි ඇතැම් විධිවිධාන ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ පසුගියදා ප්‍රකාශයට පත් කළ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා විශේෂ කමිටුවක් පත් කළ බව ය.

අදාල පනත් කෙටුපම්තේ වගන්ති අපරාධ යුක්තිය පසදලීමේ ක්‍රමවේදයේ මූලධර්ම උල්ලංඝනය කරන බවත් එය මූලික අයිතිවාසිකම්වලට පටහැනි බවත් කමිටුව නිර්දේශ කර තිබේ.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙහි එම විධිවිධාන භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස හා ගමන් කිරීමේ නිදහස ඇතුලු අයිතීන් උල්ලංඝනය වන බව නිරීක්ෂණය වී ඇතැයි නීතිඥ සංගමය නිකුත්කළ නිවේදනයේ සදහන් වේ.

පනත් කෙටුම්පතට සංශෝධන සිදුකරන ලෙස අධිකරණ අමාත්‍යංශය ඇතුළු සියළු පාර්ශවයන්ට කරුණු ඉදිරිපත් කරන බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනයෙන් කියා සිටී.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සංශෝධනයකින් තොරව කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යය පත්‍රයට ඇතුළත් කළහොත් එය අභියෝගයට ලක් කිරීමටද කටයුතු කරන බවය.