.webp)
COLOMBO (News 1st) - ලොව පුරා විසිරි සිටින ගුවන් නියමුවන් වෙනුවෙන් ම සෑම වසරකම අප්‍රේල් මස 26 වැනිදා වෙන් කර තිබේ.
මෙම සුවිශේෂි දිනය වෙන්වන්නේ, සිය කාලය මෙන්ම ශ්‍රමය ද සිය නිවැරදි වූ ඉලක්කය හඹායමින් මිලියන ගණනක් වූ ගුවන් මගීන් වෙනුවෙන් දිවා රෑ ඕනෑම කාලගුණ තත්ත්වයක් යටතේ වූවද සිදු කරන මෙහෙය අගයනු පිණිස මෙම දිනය නම් කර තිබේ.
එය ප්‍රථම වරට ආරම්භ කරන ලද්දේ තුර්කි ගුවන් නියමුවන්ගේ සංගමය සහ ලොව පුරා වෘත්තිකයන් 100,000කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ජාත්‍යන්තර ගුවන් නියමුවන්ගේ සංගමය (IFALPA) විසිනි.
මෙම සිදුවීම තුර්කි ගුවන් නියමු ෆෙසා එව්රෙන්සෙව්ට ගෞරව කිරීම පිණිස 1912 දී සිදු වූ ඔහුගේ පළමු ගුවන් ගමන හා ගුවන් සේවා ලෝක ඉතිහාසයේ ඔහුගේ වැදගත්කම විදහා පෙන්වීම වෙනුවෙන් මෙම දිනය නම් කෙරිණ.
ගෝලීයකරණය වූ සහ අන්තර් සම්බන්ධිත ලෝකයක ගුවන් නියමුවන්ගේ කාර්යය සහ ඔවුන්ගේ භූමිකාව සැමරීම මෙහිදී සිදු වේ.