කොටුව සහ මරදාන අතර දී දුම්රියක් පීලි පනී

කොටුව සහ මරදාන අතර දී දුම්රියක් පීලි පනී

by Staff writer 26-04-2023 | 4:25 PM

COLOMBO (News 1st) - කොටුව සහ මරදාන අතර දී දුම්රියක් පීලිපැනීමට ලක් වී තිබේ.

මේ හේතුවෙන් මුහුදුබඩ,කැලණිවැලි සහ ප්‍රධාන මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය 
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.


මේ හේතුවෙන් අද (26) පස්වරුවේ ධාවනය වීමට නියමිත ඇතැම් කාර්යාල දුම්රිය ප්‍රමාදවී ධාවනය වන බව ද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොලගේ මහතා දැනුම් දෙයි.

ඔහු ප්‍රකාශ කළේ දුම්රිය පීලිගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි. 

මරදානේ පිහිටි දුම්රිය අංගනයට ධාවනය වු දුම්රියක් අද (26)  පස්වරු 3.00 ට පමණ එළෙස පීලිපැනීමට ලක් වී තිබේ.