.webp)
COLOMBO (News 1st) - උත්සව සමය නිමිත්තෙන් ඉහළ නැංවූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙන තුරු නොවෙනස්ව පවත්වා ගෙන යාමට තීරණය කර තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය,කංචන විජේසේකර ඊයේ (24) පැවැති ඛනිජ තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය කළේ, ඉන්ධන කෝටාව ඉහළ දැමීම හේතුවෙන් මාසික ඉන්ධන ඇණවුම් සැලැස්මේ වෙනසක් නීරීක්ෂණය නොවන බවයි.
එසේම මෙම ඉන්ධන කෝටාව ඉහළ දැමීම නිසා QR කේතය අවභාවිත කිරීම් වාර්තා වීම සැළකිය යුතු අන්දමින් පහළ ගොස් ඇති බවත් , QR තේනයට පරිභාහිරව ඉන්ධන ලබාගත් පිරිස් අදාළ QR ක්‍රමවේදයට අනුගත වී ඇති බවත් නිරීක්ෂණය වන බව ද ඔහු පැවසී ය.
එමෙන්ම QR කේතයට පරිබාහිරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමර්ශනයන් සිදු කර අදාළ ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව විනයානුකූලව ක්‍රියාකිරීමටත්, අඛණ්ඩව මෙම රෙගුලාසි උල්ලංඝනය කරන බෙදුම්කරුවන්ගේ ඉන්ධනහල් බලපත්‍ර අවලංගු කිරීමටද අමාත්‍යයවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ.