කටුනායකට ආ ගුවන් යානා 3ක් මත්තලට හරවා යවයි.

කටුනායකට ආ ගුවන් යානා 3ක් මත්තලට හරවා යවයි.

by Staff writer 25-04-2023 | 10:43 PM

COLOMBO (News 1st) - කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබැස්සවීමට නියමිතව තිබූ, ගුවන් යානා 03 ක් මත්තල ගුවන් තොටුපොළට හරවා යවා තිබේ.

ඒ වැසි සහිත කාලගුණය හේතුවෙනි. 

ශ්‍රී  ලංකන් ගුවන් සමාගමට අයත් යානා තුනක් එලෙස හරවා යැවූ  බව එම සමාගමේ ප්‍රකාශයෙකු තහවුරු කළේ ය.

ඉන්දියාවේ චෙන්නායි සිට  සහ මාලදිවයිනේ සිට එම ගුවන් යානා දිවයිනට පැමිණ ඇත.