සරසවි ඇදුරන්ගේ අලුත්ම තීරණය

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ වර්ජනයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉවත් වෙයි..

by Staff writer 25-04-2023 | 10:40 PM

COLOMBO (News 1st) - උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ වර්ජනයෙන් ඉවත් වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (25) පස්වරුවේ ප්‍රකාශ කළේ ය.

ඒ, එම සමිති සම්මේලනයේ විධායක කමිටුව අද කැලණිය විශ්වවිද්‍යාලයේ රැස්වීමෙන් අනතුරුවයි.