.webp)
ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ, එම භූ කම්පන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි.
ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවයි.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිර කොටසේ හටගත් මැග්නිටියුඩ් ඒකක 7.3 ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන්, සුමාත්‍රා දූපත ආශ්‍රිතව ප්‍රදේශයට පැය 2 ක පමණ සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරුණි.
මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 84 ක් ගැඹුරින් මෙම භූ කම්පනය ඇති වූ අතර වෙරළාශ්‍රීත ජනතාවට ඉවත් වන ලෙසට ද එරට බලධාරීන් දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වන්නේ නැත.
ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ, මේ වනවිට සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර ඇති බවයි.