මෙරට වෙළෙඳපොළට එන ඉන්දීය රුපියල

ඉන්දියානු රුපියල මෙරටට එන ඉන්දියානු සංචාරකයින්ට ද භාවිත කළ හැකියි.. - මහ බැංකු අධිපති

by Staff writer 25-04-2023 | 10:54 PM

COLOMBO (News 1st) - ඉන්දියානු රුපියල මෙරටට පැමිණෙන ඉන්දියානු සංචාරකයින්ට ද භාවිත කිරීමට හැකි බව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද 'ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය, වත්මන් තත්ත්වය සහ ඉදිරි ගමන' යන මැයෙන් විශේෂ දේශනයක් පැවැත්වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී අදහස් පළ කළ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දියාව අතර අනාගත ආර්ථික සහයෝගීතාවයේ ක්ෂේත්‍ර ඉස්මතු කළේ ය.

එහිදී අවධානය යොමුවූයේ  සබඳතා , තොරතුරු තාක්ෂණ, පුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක ව්‍යාපාරය කෙරෙහි වේ.

ප්‍රධාන දේශනය පවත්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා  අවධාරණය කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියානු රුපියල නම් කරන ලද මුදල් ඒකකයක් බවට පත් කිරීමෙන් දෙරට අතර වෙළෙඳ බේරුම්කරණය පමණක් නොව ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයින්ට ද එම මුදල් ඒකකය භාවිත කළ හැකි වන බවයි