.webp)
සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම, වර්ෂාව හේතුවෙන් අද දිනට තරගය නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 81ක් රැස් කරගෙන සිටියේ ය.
දෙවනි දිනය සඳහා අද තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 319ක් රැස් කරගෙන සිටියේ ය.
ලෝකන් ටකර් ලකුණු 80කට පිටියෙන් ඉවත් වූයේ, දිනයේ පළමු කඩුල්ල ලෙසය.
පෝල් ස්ටර්ලින් අද මංගල ටෙස්ට් ශතකය රැස් කළේ, ලකුණු 103ක් ලබා ගනිමිනි.
කර්ටිස් කැම්පර් තම කුළුදුල් ටෙස්ට් ශතකය අද දිනයේදී රැස් කළේ, අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි.
ඔහු ලකුණු 111ක් රැස් කළා.
ප්‍රභාත් ජයසූරිය ලකුණු 174ට කඩුලු 5යි.
අයර්ලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 492ක් රැස් කළේ ය.
එය එම කණ්ඩායම ටෙස්ට් ඉනිමකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
ඒ අනුව ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ, නායක දිමුත් කරුණාරත්න සමගින් නිශාන් මධුෂ්කයි.
නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 41 යි.
නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 39 ක් රැස් කරගෙන සිටියේය.