.webp)
COLOMBO (News 1st) - එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට අදාළව අද දිනයේ සිංගප්පූරුවේ නඩු පැවරීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි.
අධිකරණ අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේදී එ් බව ප්‍රකාශ කළේ ය.
මේ අතර අධිකරණ අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී එක්ස්ප්‍රස් පර්ල් දූෂිත ගනුදෙනුවේ තොරතුරු හෙළි කිරීමක් ද සිදු කළේ ය.