.webp)
ඒ , ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම ස්ථාන මාරු අනුමත කර ඇත.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස්. පතිනායක මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුකර තිබේ.
ඔහු මීට පෙර සේවය කළේ, පොලිස් මූලස්ථානයේ යි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලෙස ස්ථාන මාරු සිදුකර ඇති අතර එම මහතා මීට පෙර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් .එල්.ඒ .එස් ප්‍රියන්ත වීරසූරිය මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී මැදවත්ත මහතා, පත් කර ඇත්තේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි, ඔහු මීට පෙර සහයක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සහ වයඹ පළාත භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.කේ ජයලත් මහතා වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයායි.
එතුමා මීට පෙර නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය .
වෛද්‍ය සේවා සුභ සාධක හා ක්ෂේත්‍ර බලකා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ආර්.එල් .කොඩිතුවක්කු මහතා, සහයක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර තිබේ.
අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ .ඩබ්ලිව් .කේ සිල්වා මහතා වෛද්‍ය සේවා සුභ සාධක හා ක්ෂේත්‍ර බලකා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර ඇත.