සුදුවැල්ල බක් මහ උළෙලේ ත්‍යාග ප්‍රදානයට ජනපති එක්ව

සුදුවැල්ල බක් මහ උළෙලේ ත්‍යාග ප්‍රදානයට ජනපති එක්වෙයි

by Staff Writer . 24-04-2023 | 8:10 PM

COLOMBO (News 1st) - ඊයේ (23)  ඩීන්ස් පාර මංසන්ධියේ පැවති සුදුවැල්ල බක් මහ උළෙලේ ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.  

බක් මහ උළෙලේ  අවුරුදු කුමරිය තේරීමේ තරගයේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනා ගත් තරුණියන්ට  තිළිණ ප්‍රදානය කෙරුණේ ජනපති අතිනි. 

පා පැදි ශූරයන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය. 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කැපවූ අසහාය නායකත්වය වෙනුවෙන් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත 'ජනතා ප්‍රසාදාභිමානි' සම්මානය  පිළිගැන්වූ බවයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, කොළඹ හිටපු පුරපතිනි රෝසි සේනානායක, හිටපු නියෝජ්‍ය පුරපති මොහොමඩ් ඉක්බාල් යන මහත්ම මහත්මීන් සහ හිටපු නාගරික මන්ත්‍රිවරු ඇතුළු දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.