.webp)
COLOMBO (News 1st) – සුඩානයේ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 413 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත වාර්තාවලට අනුව ළමුන් 09 දෙනෙකුද ඊට ඇතුළත් ය .
ගැටුම් හේතුවෙන් 3500කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
හමුදා පාලනයක් යටතේ ඇති සුඩානය පසුගියදා සිවිල් රජයක් යටතට පත් කිරීම පිළිබඳව සළකා බැලීම හේතුවෙන් එරට අතුරු හමුදාවක්, හමුදාවට එරෙහිව ආරම්භ කළ සටන් මේ වන විට උග්‍ර වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.