නිරාහාරව සිටි කෙන්යාවේ පුද්ගලයින් 47 ක් මරුට

ස්ව කැමැත්තෙන් නිරාහාරව සිටි කෙන්යාවේ පුද්ගලයින් 47 ක් මරුට

by Staff writer 24-04-2023 | 10:16 AM

COLOMBO (News 1st) – ස්ව කැමැත්තෙන් නිරාහාරව සිටි කෙන්යාවේ පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ .

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආගමික විශ්වාසයක් මත මෙම පිරිස නිරාහාරව සිට ඇති බවයි.

ආගමික සිද්ධස්ථාන නායකයෙකු ඒ සඳහා ඔවුන්ට උපදෙස් ලබා දී ඇතැයි සඳහන් ය.

පළමුවරට සිරුරු 21 සොයාගත් අතර පසුව සිරුරු 26 ක් සොයාගෙන තිබේ .

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස තවත් පිරිස් ජීවිතක්ෂයට පත්ව ඇත්දැයි සෙවීම සඳහා විමර්ශන අරඹා ඇති බවයි .

මෙම ආගමික ඇදහිල්ලෙන් දිවි ගලවා ගත් පිරිස සෙවීම සඳහා ද විමර්ශන ක්‍රියාත්මක වන අතර සෝදිසි මෙහෙයුම සඳහා අක්කර 800 ක භූමි ප්‍රදේශයක් මුද්‍රා තබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.