.webp)
COLOMBO ( News1st ) - සත්කාරක ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) ආරම්භ වේ.
තරගාවලියේ පළමු තරගය සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 280 කින් ජය ගත්තේ ය.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් තරගයක ලැබූ ඉහළම ජය වාර්තා කරමිනි.
1982 වසරේ ටෙස්ට් වරම් දිනූ ශ්‍රී ලංකාව මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරග 310කට සහභාගී වී ඇති අතර ඉන් ජයගෙන ඇති තරග සංඛ්‍යාව 99 කි.
අද (24) ඇරඹෙන අයර්ලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගතහොත් ඔවුන් ජය ගත් සියවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇති.
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරගය අද (24) උදෑසන 10.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි TV 1 නාලිකාව ඔස්සේ මෙම තරගය ඔබට සජීව ලෙස නැරඹිය හැකියි.