අයර්ලන්තයෙන් ශක්තිමත් ආරම්භයක්...

පළමු දිනය අවසානයේ අයර්ලන්තයෙන් අභියෝගාත්මක ලකුණු පුවරුවක්

by Staff writer 24-04-2023 | 10:18 PM

COLOMBO (News 1st) -  තරගයේ කාසියේ වාසිය හිමිකරගත්  අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඒ අනුව පිටියට පිවිසි අයර්ලන්තයේ මුල් පෙළ කඩුළු 2ක ලකුණු 43ක් තුළදී බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

නමුත් නායක ඇන්ඩි බැල්බර්නි සමග එක් වූ  පෝල් ස්ටර්ලින් අයර්ලන්ත සිව්වැනි කඩුල්ලට ලකුණු 115ක සබඳතාවක් ගොඩ නැගුවේ ය.

මංගල ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ පෝල් ස්ටර්ලින් ලකුණු 78කට පිටියෙන් ඉවත් වූයේ, ආබාධයකට ලක් වීම හේතුවෙණි.

තුන් වැනි ටෙස්ට් අර්ධ ශතකයද සමගින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ඩි බැල්බර්නි පිටියෙන් පිටියෙන් ඉවත් වූයේ ලකුණු 95ක් ලබාගෙන සිටියදී යි.

අද (025) දිනය අවසන් වන විට ලෝකන් ටකර් නොදැවී ලකුණු 78 රැස් කරගෙන සිටියේ ය.

ප්‍රභාත් ජයසූරිය කඩුළු 2යි.