ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

by Staff writer 24-04-2023 | 8:15 AM

COLOMBO (News 1st) – ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (24) පැවැත්වෙයි. 

ඒ, අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය සහ ජන්ද විමසීම පිළිබඳව එහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇතැයි ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද එහිදි වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවයි.