.webp)
COLOMBO (News 1st) – අධික උණුසුම හමුවේ ගර්භණී මව්වරුන් සිය සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි.
කොළඹ, කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සනත් ලැනරෝල් මහතා පැවසුවේ, මේ දිනවල ගර්භණී මව්වරුන් අධික උණුසුමට නිරාවරණය නොවී නිවෙසේම කාලය ගත කිරීම ඉතාම වැදගත් බවයි.
විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ, ගැබිණි මව්වරුන් විශේෂයෙන්ම ජලය පානය කළ යුතු බවයි.
මෙහිදී දිනකට ජලය ලීටර් 3 - 4 ප්‍රමාණයක් පානය කිරීම වැදගත් බවත් ඔහු අවධාරණය කළේ ය.
තව ද, ඔහු පැවසූවේ, සැහැල්ලු ඇඳුම් ඇදීමට මව්වරුන් යොමු විය යුතු බවත් සුදු පැහැ ඇඳුම් පරිහරණය තුළින් අධික උණුසුම් තත්ත්වය මග හරවා ගත හැකි බවයි.
ගර්භණී මව්වරුන් මෙම දිනවල දිවා කාලයේ දී කාර්ය බහුල මෙන්ම ජනාකීර්ණ ස්ථාන කරා නොයා නිවෙස් තුළ රැඳී සිටීම වැදගත් බවයි.