.webp)
Sports 1st සංවිධානය කරන මෙම වැඩසටහන පැවැත්වෙන්නේ, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේදී ය.
ක්‍රිකට්, නෙට්බෝල් ,බැඩ්මින්ටන්, මළල ක්‍රීඩා, වොලිබෝල්, පැසි පන්දු, කරාතේ, පාපන්දු ඇතුළු ක්‍රීඩා රැසකට අදාළ ක්‍රීඩා වැඩමුළු, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවන්ගේ සහභාගීත්වයෙන් එහිදී පැවැත්වේ.
එහි විචිත්‍රවත් සමාරම්භක උත්සවය අද උදෑසන වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේදී පැවැත්වුණා.
ඒ, ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ඇතුළු ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ ප්‍රධානත්වයෙනි.
මෙම අවස්ථාවට නිව්ස්ෆස්ට් නාලිකා ප්‍රධානී සුරංග සේනානායක මහතා, නිව්ස්ෆස්ට් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ගයාන් සම්පත් සෝමචන්ද්‍ර මහතා ඇතුළු නිව්ස්ෆස්ට් ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් කිහිප දෙනෙකු ද එක්ව සිටියහ.