.webp)
සුඩාන ගැටුම් හේතුවෙන් අවතැන්ව සිටින විදේශිකයින් මුදා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව සෞදි අරාබිය, සිය පුරවැසියන් ඉවත් කිරීම පළමුවෙන් ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සුඩාන සන්නද්ධ හමුදා සහ අතුරු හමුදා යන දෙපිරිසම විදේශීය ජාතිකයන් ඉවත් කිරීමට සහය දැක්වීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ.
අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, චීනය, ජපානය ඇතුළු රටවල් කිහිපයක් සුඩානයේ රැඳී සිටින තම පුරවැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි, විදෙස් වාර්තාවල සඳහන් වේ.
සුඩානයේ රැඳී සිටින විදේශීය රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මක වේ.