පාසල් ළමුන් ප්‍රවාහන සේවා ගාස්තු පහළට..

පාසල් ළමුන් ප්‍රවාහන සේවා ගාස්තු පහළට..

by Staff writer 23-04-2023 | 4:47 PM

COLOMBO (News 1st) – පාසල් ළමුන් ප්‍රවාහන සේවා ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබේ. 

සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති හරිච්චන්ද්‍ර පද්මසිරි මහතා මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදී ය. 

ලබන 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 5% - 8% ත් අතර අගයකින් ගාස්තු අඩු කරන බව ඔහු එහිදී ප්‍රකාශ කළේ ය.