.webp)
අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ, ලබන බදාදා පළමුවර කියවීම සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
දූෂණ මර්දන පනත් කෙටුම්පත, මැයි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ ය.
මේ අතර ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කළ බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
එහි මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, අදාළ කමිටුව ඉදිරිපත් කරන කරුණු සළකා බලා, ත්රත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය පක්ෂය, ඉදිරි තීරණ ගන්නා බවයි.