.webp)
ඒ, හෙට පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය සහ ඡන්ද විමසීම පිළිබඳව එහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇතැයි, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද අදාළ හමුවේදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව ඇති බවයි.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ද, හෙට පස්වරුවේ රැස්වීමට නියමිතව ඇත.
ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ය.