'වසත් සිරිය 2023' ජනපතිගේ ප්‍රධානත්වයෙන්

'වසත් සිරිය 2023' අවුරුදු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

by Staff writer 22-04-2023 | 6:47 PM

COLOMBO (News 1st) - 'වසත් සිරිය 2023' සිංහල - දෙමළ අලුත් අවුරුදු උළෙල අද (22) ෂැංග්‍රිලා හරිත පරිශ්‍රයේදී පැවැත් විය.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් මෙම අවුරුදු උළෙල සංවිධානය කර තිබුණි.

රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් තුන යටතේ මෙහිදී තරග ඉසව් රැසක් පැවැත් විය.

විදෙස් රටවල් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද මීට සහභාගී වීම විශේෂත්වයකි.