.webp)
මේ සිදුවීම වාර්තා වන්නේ පේරු රාජ්‍යයෙනි.
හිටපු පේරු ජනාධිපති අලෙහන්ඩ්‍රෝ ටොලේඩෝ (Alejandro Toledo) ලීමා වෙත පිටුවහල් කිරීම සඳහා එක්සත් ජනපද බලධාරීන්ට භාර වී තිබේ.
2001 සහ 2006 අතර කාලය තුළ බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් ඩොලර් මිලියන 20ක් අල්ලස් ගත් බවට 77 හැවිරිදි ටොලෙඩෝට චෝදනා එල්ල වී ඇත.
එල්ල වූ චෝදනා සමග පේරු හිටපු ජනාධිපතිවරයා තමන්ගේ රටින් අමෙරිකාවට පැන ගියේ ය.
නමුත් පේරු රාජ්‍යයේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පසුබට වුණේ නැත.
තමන්ගේ රටේ ජනතාවගේ මුදල් වංචාකළ හිටපු ජනාධිපති නැවත පේරු රාජ්‍යයට උද්ධර්පනය කරන්න කියල ඉල්ලීය.
එක්සත් ජනපද බලධාරීන් පේරු හිටපු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගත්තේ ඒ ඉල්ලීම මතයි.
හිටපු ජනාධිපති වරදකරුවුවහොත් ඔහුට අවුරුදු 20ක් සිරබතේ රස බලන්න සිද්ධවනු ඇත.
චංචා චෝදනා එල්ලවන හැම දේශපාලඥයෙක් වගේම ටොලිඩෝත් කියා සිටින්නේ, තමාට එරෙහි චෝදනා දේශපාලනික චේතනාවෙන් කරන ලද ඒවා බවටයි.
මේ සතියේ, හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයින් ඔහු අමෙරිකාවෙන් පිටුවහල් කිරීම වැළක්වන්න හදිසි වාරණ නියෝගයකුත් ඉල්ලීය.
නමුත් ඒක අසාර්ථකවුණා.
කැලිෆෝනියාවේ උතුරු දිස්ත්‍රික් අධිකරණය මීට පෙර සොයා ගත්තේ "ටොලිඩෝ කුමන්ත්‍රණ සහ මුදල් විශුද්ධිකරණය කළ බවට තහවුරු කිරීමට" ප්‍රමාණවත් සාක්ෂි ඇති බවටයි.