ඩෙල්ෆ් දූපතේ 5ක් ඝාතනය කෙරේ..

ඩෙල්ෆ් දූපතේ නිවසක 5 දෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කෙරේ

by Staff writer 22-04-2023 | 12:39 PM

COLOMBO (News 1st) – යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක පුද්ගලයින් 05 දෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, බරපතළ තත්ත්වයේ පසුවන තවත් කාන්තාවක් යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙම ඝාතන ඊයේ (21) රාත්‍රියේ දී හෝ අද (22) උදෑසන කාලයේ දී සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි.

ඝාතනයට සම්බන්ධ හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක කිසිදු තොරතුරක් අනාවරණය වී නැත.