.webp)
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කර තිබේ.
පක්ෂයේ මහා සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ජී.එල්. පීරිස් මහතා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කරනු ලැබිණි.