ගොඩබැස්ස වූ ගුවන් යානය යළි ගුවන්ගත කෙරේ

කාර්මික දෝෂයක් හේතුවෙන් කටුනායකට ගොඩබැස්ස වූ ගුවන් යානය යළි ගුවන්ගත කෙරේ

by Staff writer 22-04-2023 | 5:57 PM

COLOMBO (News 1st) - ගුවන්ගත කර කාර්මික දෝෂයක් හේතුවෙන් කටුනායකට ගොඩබැස්ස වූ ශ්‍රී ලංකන් ගුවන් යානය යළි ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

එම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළෙන් ගුවන්ගත කර පැයකට පසු ඊයේ (21) රාත්‍රියේ යළි කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වනු ලැබීය.

එම අවස්ථාවේ ගුවන් යානය තුළ සිටි මගීන් සංඛ්‍යාව 256 කි.

අදාළ ගුවන් යානයේ නඩත්තු කටයුතු අවසන් කර අද දහවල් යළි ඩුබායි බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ ය.