.webp)

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලීය කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ, ලකුණු 110 ක් පමණි.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ත්‍රිත්ව විද්‍යාලීය කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 221 ක් රැස් කළේ ය.
රහල් අමරසිංහ ලකුණු 66 ක් රැස් කළ අතර මනුල කුලරත්න ලකුණු 44 යි.
ඒ අනුව දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාල කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 11 යි පන්දුවක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 38 ක් රැස් කරගෙන සිටියේ ය.
මේ අතර මොරටුව ශාන්ත සෙබස්තියන් සහ වේල්ස් කුමර විද්‍යාලාන්තර 73 වැනි රන් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් සෙබස්තියන් කණ්ඩායම පන්දුවාර 60 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 219 ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවිය.
සනේෂ් ප්‍රනාන්දු ලකුණු 114 යි.
තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ වේල්ස් ක්‍රීඩකයන්ට සියලු දෙනා දැවී රැස් කිරිමට හැකි වුණේ, ලකුණු 208 ක් පමණි.
තරිදු අමරසිංහ ලකුණු 73 ක් රැස් කළ අතර ඔමේෂ් මෙන්ඩිස් ලකුණු 65 ක් ලබා ගත්තේ ය.
ඒ අනුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සෙබස්තියන් කණ්ඩායම තරගය අවසන් වන විට කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 207 කි.
විමත් දිනසර ලකුණු 101 යි.
