ව්‍යාජ තොරතුරු සැපයූ මවුලවිවරයා රිමාන්ඩ්

අකුරණට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරු සැපයූ මවුලවිවරයා රිමාන්ඩ්

by Staff writer 22-04-2023 | 5:07 PM

COLOMBO (News 1st) - අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරු සැපයූ මවුලවිවරයා රක්ෂිත බන්ධනාගරගත කිරීමට අධිකරණය තීරණය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, 21 හැවිරිදි අදාළ පුද්ගලයා ලබන 4 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගරගත කිරීමට මෙලෙස තීන්දු කරඇති බවයි.

අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා අද (22) පොලිස් අත්අඩංගුවට පත්විය.

පරිගණක අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ, හාරිස්පත්තුව, බටුගොඩ ප්‍රදේශයේදී යි.