බෝම්බ ප්‍රහාරයක් ගැන බොරු කියූ අයෙක් කොටු..

අකුරණට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරු සැපයූ මවුලවීවරයෙක් අත්අඩංගුවට..

by Staff writer 22-04-2023 | 9:26 AM

COLOMBO (News 1st) – අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරු සැපයූ මවුලවිවරයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

21 හැවිරිදි වියේ පසුවන එම මවුලවීවරයා  හාරිස්පත්තුව, බටුගොඩ ප්‍රදේශයේදී පරිගණක අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.