අක්ෂි සැත්කම්වලින් පසු සංකූලතා මතුවීමගැන පරීක්ෂයක්

අක්ෂි සැත්කම්වලින් පසු රෝගීන්ට සංකූලතා මතුවීම ගැන පරීක්ෂණයක්..

by Staff writer 22-04-2023 | 1:23 PM

COLOMBO (News 1st) – ජාතික අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකුලතා ඇතිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 

අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට ඊට අදාළ තත්ත්ව පරීක්ෂාවක් සඳහා ශල්‍යාගාරයක් වසා දමා ඇති බවයි.

සංකූලතා ඇතිවීමට හේතු වූ ඖෂධය භාවිතය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද ඔහු සඳහන් කළේය.