නේටෝ ප්‍රධානියා යුක්‍රේන අගනුවර හදිසි සංචාරයක..

නේටෝ සංවිධානයේ ප්‍රධානියා යුක්‍රේන අගනුවර හදිසි සංචාරයක.

by Staff writer 21-04-2023 | 9:33 AM

COLOMBO (News 1st) –  නේටෝ සංවිධානයේ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන් බර්ග් යුක්‍රේනයේ කියෙව් අගනුවර හදිසි සංචාරයක නිරත වී තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහිදී නේටෝ සංවිධානයේ ප්‍රධානියා යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් සෙලෙන්ස්කි හමුව ඇති බවයි. 

යුක්‍රේනය යුද්ධය ජය ගැනීම නේටෝ සන්ධානයේ අවශ්‍යතාවය බව ස්ටෝල්ටන්බර්ග් පවසා තිබේ.

යුක්‍රේනයට තවත් හමුදා ආධාර ලබා දෙන බව ඔහු පොරොන්දු වී ඇතැයි, සඳහන් ය.

නේටෝව දැනටමත් යුක්‍රේන හමුදාවන්ට ලෙපර්ඩ් යුද ටැංකි ලබා දී තිබේ.

රුසියානු නායකයින් පවසා ඇත්තේ ඔවුන්ගේ එක් ඉලක්කයක් වන්නේ යුක්‍රේනය නේටෝවට බැදීම වැළැක්වීමයි. 

යුක්රේනය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම රුසියාවේ ආරක්ෂාවට සැලකිය යුතු තර්ජනයක් වනු ඇති බව ද රුසියාව පවසා තිබේ.