COLOMBO (News 1st) - පුළුල් සමාජ සංවාදයක් ඇතිකර විශේෂඥ මණ්ඩලයක් හරහා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ නුසුදුසු වගන්ති ඉවත් කර සකස් කරන්නැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා තිබේ.
ජනාධිපතිවරයා වෙත ඒකාබද්ධ සංදේශයක් යවමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතළ සැක සංකා මතු කිරීමට හේතුවිය හැකි බවයි.