තවත් ඉන්දීය බිත්තර ලක්ෂ 10 ක් දිවයිනට..

තවත් ඉන්දීය බිත්තර ලක්ෂ 10 ක් දිවයිනට..

by Staff writer 21-04-2023 | 6:30 AM

COLOMBO (News 1st) –  ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් ඊයේ(20) රාත්‍රි කොළඹ වාරයට ළඟා විය. 

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, එහි සාම්පල අද(21) දිනයේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගනු ඇති බවයි.

මේ අතර , පසුගිය 15 වැනිදා දිවයිනට ළඟා වූ බිත්තර තොගයේ සාම්පල ඊයේ දිනයේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන තිබේ. 

සභාපතිවරයා ප්‍රකාශ කළේ , එහි වාර්තා තවත් දින 4කින් ලැබීමට නියමිත බවයි.

මේ වනවිට මෙරටට ඉන්දියාවෙන් ආනයනය කර ඇති බිත්තර ප්‍රමාණය මිලියන 05 කි. 

එම බිත්තර රුපියල් 35ක මිලකට මහා පරිමාණ බේකරි හිමියන්ට හා හෝටල් හිමියන්ට අඛණ්ඩව නිකුත් කරන බවද ඔහු කියා සිටියේ ය.

මේ අතර , බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිළ ඇතුළත් ගැසට් නිවේදනයක් ඊයේ(20) නිකුත් කෙරිණ. 

එහි විශේෂත්වය වන්නේ බර අනුවද බිත්තර අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ක් නියම කිරීමයි.