ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 21-04-2023 | 5:50 AM

දේශීය පුවත්

1.ඉන්දියාවෙන් ගෙන්වූ ඖෂධ තොගයක් වහාම භාවිතයෙන් ඉවත් කෙරේ.. – භාවිතයෙන් පසු ආසාදන තත්ත්වයන් මතුවීම හේතුවෙන් ඉන්දියාවෙන් ගෙන්වූ ඇස් සඳහා භාවිත කරන පෙරෙඩ්නිසොලෝන් දියර තොගයක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී තිබේ.

2. ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ අභියාචනා කැඳවීම Online ඔස්සේ –  2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ‍ශ්‍රේණිය සඳහා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අදාල අභියාචනා කැඳවීම ඊයේ (20) සිට ආරම්භ කර තිබේ.  

3.ලංකාවෙන් රිලවු ඉල්ලූ චීන සමාගමට සත්ත්වෝද්‍යාන තිබේ දැයි සොයා බලනවා – කෘෂිකර්ම ලේකම්– මෙරටින් රිලවුන්  ලක්ෂයක්  ඉල්ලා සිටි  චීන සමාගම සතුව සත්ත්වෝද්‍යාන තිබේ ද යන්න සම්බන්ධයෙන් චීන රාජය හරහා නීත්‍යනුකූලව  කරුණු තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.  

4.AL පිළිතුරු පත් පරීක්ෂාව පමා වීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්..–  උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.  

5.ශ්‍රීලංකන් ඇතුළු ආයතන කිහිපයක් ලබන සතියේ කෝප් කමිටුව හමුවට –  ශ්‍රීලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් ලබන සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.  

විදෙස් පුවත්

1.සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි – සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ති‌බේ.