අදත් ප්‍රදේශ රැසක් උණුසුම්..

අදත් ප්‍රදේශ රැසක් උණුසුම්.. උණුසුමෙන් ආරක්ෂා වීමට ක්‍රියාමාර්ග ගන්නැයි, ජනතාවට උපදෙස්

by Staff writer 21-04-2023 | 8:00 AM

COLOMBO (News 1st) – බස්නාහිර, වයඹ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අද (21) දිනයේ උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට ජනතාව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

ඒ අනුව වැඩිපුර ජලය පානය කිරීම, එළිමහනේ ගැවසීමේදී සෙවන ඇති ස්ථාන තෝරා ගැනීම මෙන්ම දැඩි අව් රෂ්මිය පවතින අවස්ථාවල වෙහෙසකර රාජකාරිවල නිරතවීම අවම කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දෙයි. 

මේ අතර, උෂ්ණාධික කාලගුණයෙන් සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. 

එහි අධ්‍යක්ෂ ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, නිදැල්ලේ ඇති කරන එළුවන් හා ගවයින් වැනි සතුන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ උෂ්ණාධික කාලගුණය ලබන මස මුල් සතිය දක්වා පැවතිය හැකි බවයි.


ප්‍රධාන නගර සඳහා වන කාලගුණ අනාවැකිය පහතින්...