AL පිළිතුරු පත් පරීක්ෂාව පමා වීම ගැන පැමිණිල්ලක්..

AL පිළිතුරු පත් පරීක්ෂාව පමා වීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්..

by Staff writer 20-04-2023 | 3:31 PM

COLOMBO (News 1st) –  උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. 

අප වාර්තාකරු සඳහන් කළේ, මුල්ලේරියාව ප්‍රදේශයේ පාසලක දෙමව්පියන් කණ්ඩායමක් අද(20) දහවල් ඉදිරිපත් කළ බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ගුරුවරුන් සහභාගි නොවීම හේතුවෙන් දිගින් දිගටම උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිම් ප්‍රමාද වීම හමුවේ දරුවන්ට දැඩි අසාධාරණයක් වන බව ඔවුන් පෙන්වා දෙයි.