සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

by Staff writer 20-04-2023 | 8:30 AM

News 1st - සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ති‌බේ.

ඒ, මීට පෙර අමෙරිකාවේ මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත් කෙරුණු පැය 24 ක සටන් විරාමය අසාර්ථක වූ පසුබිමකයි.

සිවිල් වැසියන්ට ආරක්ෂිතව කාර්ටූම් අගනුවරින් ඉවත්වීම සඳහා මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කෙරුණි.

හමුදාව සහ සුඩාන අතුරු හමුදාවේ යුද ගැටුම්වල මරමස්ථාන ලෙස යුද හමුදා මූලස්ථානය සහ ගුවන්තොටුපොළවල් හඳුනා ගෙන තිබේ.

දින 05 ක් පුරා පැවති ගැටුම් හේතුවෙන් මේ වනවිට සුඩානයේ පුද්ගලයින් 270 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 2,600 ක් පමණ තුවාල ලබා ඇතැයි සඳහන් ය.