.webp)

COLOMBO (News 1st) – 2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ශ්‍රේණිය සඳහා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අදාල අභියාචනා කැඳවීම අද(20) සිට ආරම්භ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, මැයි මස 8 වනදා රාත්‍රි 12 දක්වා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ඊට අදාළ අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි.
g6application.moe.gov.lk යන වෙබ් අඩවියට පිවිසිමෙන් ඔන්ලයින් ක්‍රමවේදය යටතේ අභියාචනා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
