වසර 10 කට පසු අද දෙමුහුන් සූර්යග්‍රහණයක්

වසර 10 කට පසු අද දෙමුහුන් සූර්යග්‍රහණයක්

by Staff writer 20-04-2023 | 8:03 AM

COLOMBO (News 1st) - අද (20) දෙමුහුන් සූර්යග්‍රහණයක් සිදු වනු ඇත. 

කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ, අද (20) පෙරවරු 7.04 ට ආරම්භ වන සුර්යග්‍රහණය දහවල් 12.29 ට අවසන් වන බවයි. 

නමුත් මෙම සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවාසින්ට සහ ලෝකයේ බොහෝ රටවලට දැක ගැනීමේ හැකියාවක් නැත.

දෙමුහුන් සූර්යග්‍රහණ ඉතා දුර්ලබ බවත් අවසන් දෙමුහුන් සූර්යග්‍රහණය මීට වසර 10 කට පමණ පෙර සිදු වී ඇති බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය.