වරාය කටයුතුවලට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

වරාය මෙහෙයුම් කටයුතුවලට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

by Staff writer 20-04-2023 | 8:27 AM

COLOMBO (News 1st) - වරාය මෙහෙයුම් කටයුතු සඳහා ඩිජිටල් සන්නිවේදන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට වරාය තුළ වෙළෙඳ නාවික කටයුතුවලදී සහ භාණ්ඩ නිශ්කාෂනයේදී විශාල ප්‍රමාදයක් සිදු වන බව හඳුනාගෙන ඇති අතර එය වැළැක්වීමට මෙය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය සඳහා දළ වශයෙන් ඩොලර් මිලියන 35 ක් පමණ වැය වන බවත් මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාරයක් ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවයි. 

වරාය ඩිජිටල් සන්නිවේදන පද්ධති මෙම වසර අවසාන වීමට පෙර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේ.