රට රැකියා දෙන බව කියා මුදල් ගැරූ කතුන් දෙදෙනෙක්

රට රැකියා දෙන බව කියා මුදල් ගැරූ කතුන් දෙදෙනෙක් සොයා පොලිස් විමර්ශන

by Staff writer 20-04-2023 | 10:14 AM

News 1st - කටාර් රාජ්‍යයේ රැකියාවක් ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ. 

වංචා කර ඇති මුදල රුපියල් ලක්ෂ 06 කි. 

31 හැවිදිරි වියෙහි පසුවන සැකකාරියන් දෙදෙනා කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකාරිණියන් ය. 

පැමිණිලිකරු අවස්ථා කිහිපයකදී සැකකාරියන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් බැර කර ඇති අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ද සැකකාරියන්ට ලබා දී තිබේ.