.webp)

COLOMBO (News 1st) - මෑත කාලයේ ඉහළම විදුලි ඉල්ලුමක් ඊයේ(19) දිනයේ වාර්තා වූ බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ, විදුලි උත්පාදන සඳහා ගිගා වොට් පැය 49.53 ක් අවශ්‍ය වූ බවයි.
අද දිනයේදී ගිගාවොට් වොට් පැය 50 ඉක්මවූ බලශක්ති ඉල්ලුමක් ඇති විය හැකි බව අමාත්‍යවරයා පුරෝකථනය කරයි.
විදුලිබල උත්පාදනය සඳහා හම්බන්තොට ඩීසල් බලාගාරයේ ජනන යන්ත්‍ර ඇතුළු සියලුම තාප බලාගාර යොදා ගන්නා බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ය.
