ඉන්දියාවෙන් ගෙනා ඖෂධ තොගයක් භාවිතයෙන් ඉවත් කෙරේ..

ඉන්දියාවෙන් ගෙන්වූ ඖෂධ තොගයක් වහාම භාවිතයෙන් ඉවත් කෙරේ..

by Staff writer 20-04-2023 | 9:10 PM

COLOMBO (News 1st) – භාවිතයෙන් පසු ආසාදන තත්ත්වයන් මතුවීම හේතුවෙන් ඉන්දියාවෙන් ගෙන්වූ ඇස් සඳහා භාවිත කරන පෙරෙඩ්නිසොලෝන් දියර තොගයක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය ප්‍රකාශ කළේ අදාළ ඖෂධය රෝහල් වෙත සැපයීමද මේ වනවිට අත්හිටුවා ඇති බවයි.

ජාතික අක්ෂි රෝහලේ සිදුකළ ශල්‍ය කර්මවලින් පසුව එකවර රෝගීන් තිදෙනෙකුගේ ආසාදන මතුවීම හේතුවෙන් ප්‍රශ්නගත තත්ත්වය උද්ගත වූ බව එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ ය.

ඔහු කියාසිටියේ, එම ශල්‍ කර්ම සඳහා භාවිත කළ සියලු ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා යොමු කළ බවය.

පැය 48 කට පසු ලැබුණු වාර්තා අනුව එක් ඖෂධයක් මෙම ආසාදනවලට හේතුවී ඇතැයි හදුනාගෙන තිබේ.

ජාතික අක්ෂි රෝහලේ ප්‍රකාශකයා පැවසුවේ, ආසාදන මතුවූ රෝගීන් ශල්‍යකර්මවලට ලක් කළ ශල්‍යගාර තුළ එම විෂබීජය තිබිය හැකි බැවින් ඒවා වසා දැමීමට මේ වනවිට පියවර ගෙන ඇති බවය.