ABC ඔස්ට්‍රේලියා නාලිකාවේ වැඩසටහන් TV1 ඔස්සේ...

Australian Broadcasting Corporation වැඩසටහන් අද සිට TV1 නාලිකාව ඔස්සේ

by Staff writer 19-04-2023 | 12:04 PM

News 1st - Australian Broadcasting Corporation හෙවත් ABC ඔස්ට්‍රේලියා රූපවාහිනි නාලිකාවේ වැඩසටහන්  අද සිට TV1 නාලිකාව ඔස්සේ, මෙරට ප්‍රේක්ෂකයින්ට නැරඹීමේ හැකියාව පවතී. 

ඒ, ඔස්ට්‍රේලියාවේ ජාතික රූපවාහිනි විකාශය වන Australian Broadcasting Corporation හෙවත් ABC ඔස්ට්‍රේලියා රූපවාහිනි සේවය අද (19) කැපිටල් මහාරාජා සමූහයට අයත් TV1 නාලිකාව සමග ගිවිසුම්ගතවීමත් සමගයි. 

Australian Broadcasting Corporation හෙවත් ABC ඔස්ට්‍රේලියා රූපවාහිනි වැඩසටහන් TV1 නාලිකාව ඔස්සේ විකාශය කිරීම නිල වශයෙන් ආරම්භ කිරීම අද පෙරවරුවේ දෙපානම මැදිරි සංකීර්ණයේදී උත්සවාකාරයෙන් පැවැත්විය.

ඒ, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන් මහතාගේ සහභාගීත්වයෙනි.

කැපිටල් මහරාජා සමූහයේ සභාපති ශෂී රාජමහේන්ද්‍රන් , කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

විකාශන කටයුතු ආරම්භ වූයේ, අද පෙරවරු 9.30 ට යෙදුන සුබ මොහොතිනි.

ABC ඔස්ට්‍රේලියා නාලිකාවේ සෑම වැඩසටහනක්ම එරට විකාශය වී පැය 24 ක් ගතවීමට පෙර TV1 නාලිකාව ඔස්සේ විකාශය වනු ඇත.

TV1 නාලිකාව ඩයලොග් ටීවී නාලිකා අංක 10 ඔස්සේත් පියෝ ටීවි නාලිකා අංක 12 ඔස්සේත් නැරඹිය හැකියි.